කොළඹ කොටස් වෙළෙඳපොළේ අදත් පෙරළියක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ අදත් පෙරළියක්

December 27, 2024   04:05 pm

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) අද (27) දිනයේදී යළිත් වරක් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ.

ඒ අනුව ඒකක 135.07කින් (0.88%) ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලුම කොටස් මිල දර්ශකයේ අගය ඒකක 15,535.60ක් ලෙස සටහන් විය.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 9.8කි.