දන්සලේ හොදි කල්දේරමට වැටුණු දැරිය මරුට
July 3, 2024 03:16 pm
බත් දන්සලක වෑංජන කල්දේරමකට වැටී බරපතළ තුවාල ලබා දින 10ක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් සිසුවියක් මියගොස් තිබේ.
ඊයේ (02) අදාළ සිසුවිය මියගිය බව පානදුර දකුණ පොලීසිය පවසයි.
එසේ මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති දැරියකි.
පොසොන් පොහොය නිමිත්තෙන් පසුගිය 23 දා පානදුර ප්‍රදේශයේ බත් දන්සලක් පවත්වා තිබුණි.
ඊට පිසින ලද වෑංජන කල්දේරමකට දැරිය වැටී තිබේ.
ඉන් බරපතළ තුවාල ලබා සිටි දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ඇයගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යවා තිබුණි.
දැරිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පානදුර දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.