විනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව තවත් තීරණයක්

විනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව තවත් තීරණයක්

June 27, 2024   03:40 pm

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් නම් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කඩිනමින් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අදාළ තහනම් නියෝගය ඉවත් කිරීමේ හෝ වෙනස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ජුලි මස 25 වනදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කළේය.