කොළඹට ජලය ගේන කලටුවාවේ ප්‍රධාන නලයක් ගැලවීයයි

කොළඹට ජලය ගේන කලටුවාවේ ප්‍රධාන නලයක් ගැලවීයයි

June 3, 2024   03:48 pm

අයහපත් කාලගුණික තත්ත්වය සමග කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව උදෑසන 6 සිට 9 දක්වාත්, සවස 5 සිට රාත්‍රී 9 දක්වාත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන තත්ත්වය යටතේ ජල සැපයුම සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ආරක්ෂක අංශ සහ අනෙකුත් පාර්ශ්වවල සහායෙන් බිඳ වැටී ඇති ප්‍රධාන ජල නළය කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීමට සමග මේ වනවිටත් පියවර ගෙන ඇති බවය.

එසේම මේ මොහොතේ අනවශ්‍ය ලෙස ජලය රැස්කර තබානොගෙන ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.