තවත් යාත්‍රාවකට අනතුරක්

තවත් යාත්‍රාවකට අනතුරක්

June 28, 2025   08:58 pm

හික්කඩුව ධීවර වරායෙන් මුහුදුගිය බහුදින ධීවර යාත්‍රාවක් අද (28) පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරකට ලක්ව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී බහුදින ධීවර යාත්‍රාවේ ධීවරයින් 06 දෙනෙකු සිට ඇති බව වාර්තා වෙයි.

මෙහිදී කිසිදු ධීවරයෙකුට අනතුරක් සිදුව නොමැති අතර, ඔවුන්ව අසල සිටි ධීවරයින් හා පොලීසිය එක්ව බේරාගෙන ඇත.

කෙසේ වෙතත් බෝට්ටුවට හානි සිදුව ඇති අතර, තෙල් කාන්දුවීමක්ද සිදුවෙමින් තිබේ.

මේ වනවිට බෝට්ටුවේ භාණ්ඩ ඉවත්කරමින් සිටින බව හික්කඩුව පොලීසිය පවසයි.