ගසක අත්තක් කඩා වැටී තවත් මරණයක්

ගසක අත්තක් කඩා වැටී තවත් මරණයක්

May 24, 2024   08:53 am

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගසක අත්තක් කඩාවැටී එයට යටවීමෙන් තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ (23) රාගල මහකුඩුගල රක්ෂිත ප්‍රදේශයකදී ය.

මියගොස් ඇති පුද්ගලයා 38 හැවිරිදි හයිෆොරස්ට් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුද්ගලයින් 05 දෙනෙකු දර එකතු කිරීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.