කොළඹ හැඩ කළ වෙසක් කලාප

කොළඹ හැඩ කළ වෙසක් කලාප

May 23, 2024   09:53 pm

සම්බුදු තෙමඟුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය අදට (23) යෙදී තිබේ.

ඒ, නිමිති කරගනිමින් ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව අද දිනයේ මහ වැසි නොතකා වෙහෙර විහාරස්ථානවලට රැස්වී ආගමික වතාවත්වල නිරත වුණි.

මෙවරත් දෙරණාභිවන්දනා ශ්‍රී කල්‍යාණි සදහම් වෙසක් කලාපය පැවැත්වෙන්නේ සම්බුදු පහස ලද කැලණි පුදබිමේ දීය.

මේ අතර වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් දිවයින පුරා වෙසක් කලාප 419ක්, තොරණ 321ක් සංවිධාන කර තිබේ.

සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටළඟ, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවරත් විචිත්‍රවත්ව ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණි.

එමෙන්ම කොළඹ නගරයේ පමණක් පැවැත්වෙන වෙසක් කලාප ගණන 5කි. 

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල නවීන තාක්ෂණය ඔස්සේ සිදුහත් උපත ප්‍රදර්ශනය කිරීමත් විශේෂත්වයකි.

මීට අමතරව දිවයින පුරා දර්ශනීය පහන් කූඩු රාශියක්ද නිර්මාණය කර තිබේ.

වෙසක් උත්සවයට සමගාමීව මේ වනවිට දිවයින පුරා දන්සල් 3260 ක් ලියාපදිංචි වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතේය.