header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
ඉරාන හිටපු ජනපති ඊබ්‍රාහිම් රයිසි ගැන මේ කරුණු දැන සිටියාද ?
May 20, 202410:35 AM
ඉරාන හිටපු ජනපති ඊබ්‍රාහිම් රයිසි ගැන මේ කරුණු දැන සිටියාද ?
Mobitel 1278

ඉරානයේ හිටපු ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි දැඩි මතධාරී පූජකයෙකි. ඔහු ඉරානයේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන අයතොල්ලා අලි ඛමෙනී ට ඉතා ලැදි පුද්ගලයෙක් වශයෙන් ප්‍රකට ය.

රයිසි 2021 වසරේදී ඉරානයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අතර එතැන් සිට ඉරානයේ සෑම ප්‍රදේශයක් ම දැඩි මතධාරීන්ගේ පාලනයට නතු කර ගත්තේය.

ඔහු 63 හැවිරිදි ය. එසේම එරට අධිකරණයේ ප්‍රධානියා ලෙසද රයිසි කටයුතු කර තිබුණි.

2021 වසරේ පැවති මැතිවරණයෙන් ඔහු විශිෂ්ට ජයක් වාර්තා කළේ එවක ජනපති ලෙස කටයුතු කළ හසන් රෞහානි ව අභිබවා යමිනි.

නමුත් එම මැතිවරණය සර්ව සාධාරණ නොවූ බව පිළිගත් මතයකි. විශේෂයෙන් ම නිදහස් මතධාරී සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හඬ නැගූ අපේක්ෂකයින් ට එහිදී අවස්ථාවක් නොලැබුණු අතර බොහෝ ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

ඔහු ඉරානයේ බලය ලබාගන්නා විට එරට විවිධ ප්‍රශ්න වලට මුහුණදී සිටියේය. විශේෂයෙන්ම ආර්ථික ගැටලු, කලාපීය වශයෙන් එල්ලවූ තර්ජන මෙන්ම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වූ සාකච්ඡා බිඳ වැටී තිබීම ඒ අතරින් ප්‍රධානය.

ඔහු බලයට පැමිණ වසරක් ගතවෙන්නටත් මත්තෙන්, ඉරානය පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැතිර ගියේය. එම උද්ඝෝෂණ රාජ්‍ය බලය යොදා මැඩපැවැත්වීමට ඔහු කටයුතු කළේය.

ඊශ්‍රායල - හමාස්, ඊශ්‍රායල - හෙස්බුල්ලා ගැටුම් වලදී ඉරානයේ සහාය ලැබෙන්නේ ඊශ්‍රායල විරෝධී පාර්ශ්වයන සඳහා ය. එසේම ලෝක නාවික කටයුතු සඳහා හිසරදයක් වී ඇති හූති කැරළිකරුවන්ගේ ප්‍රධාන සහායකයා ඉරානය වෙයි.

රයිසි එම තත්ත්වය තවත් ප්‍රවර්ධනය කළේය. එබැවින් බටහිර ලෝකය ඔහුට වැඩිය ප්‍රියකළේ නැත.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින සෙවනැලි යුද්ධය එළිපිටම සිදුවූයේ ඔහුගේ රාජ්‍ය පාලන සමයේදීය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද රයිසි ට විවිධ චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන්ම 1980 දශකයේදී දේශපාලන සිරකරුවන් ට මරණ දණ්ඩනය ලබාදුන් "විශේෂ කමිටුව" ක සාමාජිකයෙක් ලෙස ඔහු ක්‍රියා කර තිබුණි.

ඊබ්‍රහිම් රයිසි මැෂ්හාඩ් නම් ප්‍රදේශයේදී 1960 දී උපත ලැබීය. එය ඉරානයේ දෙවැනි විශාලතම නගරය මෙන්ම එරට ෂියා මුස්ලිම්වරුන් දැඩි ලෙස පූජ්‍යත්වයෙන් සලකන දේවස්ථානය පිහිටා ඇත්තේ ද එම ප්‍රදේශයේ ය.

ඔහුගේ පියාද පූජකයෙකි. නමුත් රයිසි ට අවුරුදු 5ක් වනවිට ඔහුට පිය සෙනෙහස අහිමි විය. වසර 15ක් පමණ වයසැති වන විට ක්වොම් නම් නගරයේ පිහිටි ආගම උගන්වන මධ්‍යස්ථානයකට රයිසි ඇතුළු වී තිබේ.

ශිෂ්‍යයෙක් වශයෙන් ඔහු ෂා පාලනයට එරෙහිව උද්ඝෝෂණ සඳහා එක්වී ඇති අතර 1979 දී අයතොල්ලා රුහොල්ලා ඛොමෙයිනි නායකත්වය දුන් "ඉස්ලාමීය විප්ලවය" විසින් ෂා පාලනය බිඳ හෙළීය.

ඉස්ලාමීය විප්ලවයෙන් අනතුරුව ඔහු එරට අධිකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කළේය.

2017 දී කිසිවෙක් බලාපොරොතු නොවූ ලෙස ඉරාන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය. නමුත් ඔහුට එහිදී ලැබුණේ 38%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

තවත් පූජකයෙක් වූ එවකට ජනාධිපති ලෙස කටයුතු කළ රෞහානි 57%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් සිය දෙවැනි ධුර කාලය සඳහා ඉතා පහසු ජයක් වාර්තා කළේය.

ඉන් අධෛරයමත් නොවූ රයිසි 2021 ජනාධිපතිවරණයේදී 62%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් එරට නායකයා බවට පත්විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් ජනපති හමුවෙයි

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

ඔයා දුන්න ඔක්කොම රිවස් නේද? "මම ඒවා ව්‍යවස්ථානුකූලව දීලා තියෙන්නේ"

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

 සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana