මනූෂට ඇප
October 15, 2025 06:28 pm
ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ඇප හිමිව ඇත.
ඉකුත් රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරුවේ ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නේය.
ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් මිලියන 4 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළහ.
එසේම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබීය.
ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම සැකකරු විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ඊයේ (14) මෙම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවය.
ඉන් අනතුරුව ඔහු ස්වේච්ඡාවෙන්ම අද අල්ලස් කොමිස්සමට ගොස් ප්‍රකාශයක් ලබාදී ඇති බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
එවැනි වාතාවරණයක් තුළ මෙම සැකකරු අධිකරණය මගහැර යාමට පවතින ප්‍රවණතාව අවම මට්ටමක පවතින බව මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව පැමිණිල්ල සහ විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු විශ්ලේෂණය කරමින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව කියා සිටියේය.
ඉන් අනතුරු අදාළ පැමිණිල්ල දෙසැම්බර් මස 10 වනදා නැවත කැඳවීමට දින නියම විය.