header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
තිදෙනෙකුට මරු කැඳවූ රතුපස්වල ඛේදවාචකය
May 17, 202407:22 PM
තිදෙනෙකුට මරු කැඳවූ රතුපස්වල ඛේදවාචකය
Mobitel 1278

ආන්දෝලනාත්මක රතුපස්වල වෙඩිතැබීමේ නඩුවේ විත්තිකරුවන් වූ හමුදා සාමාජිකයන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියෝග කළේය.

ඒ, වසර 11කට වැඩි කාලයක් සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවය.

ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මඟින් පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින්, එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය නගරයේදී 2013 අගෝස්තු 01 වනදා විරෝධතාවක නිරත විය.

පිරිසිදු පානීය ජලය ඉල්ලා සිදුකරන ලද විරෝධතාව විසුරුවා හැරීමට හමුදා නිලධාරින් වෙඩිතැබීම් සිදුකළ අතර එහිදී පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව පනහකට වැඩි පිරිසක් තුවාල ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරින් වූ බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, කෝප්‍රල් ජේ.එම්. තිලකරත්න සහ කෝප්‍රල් ලලිත් ග්‍රේ යන හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.

ඒ, මිනීමැරීම, මිනීමැරීමට තැත් කිරීම, බරපතළ තුවාල සිදුකිරීම හා සුළු තුවාල සිදුකිරීම ඇතුළු අධි චෝදනා 94ක් යටතේය.

පිටු 242කින් සමන්විත සම්පූර්ණ නඩු තීන්දුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයට පත්කළේ, මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, සහන් මාපා බණ්ඩාර සහ රෂ්මි සිංගප්පුලි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙසිනි.

ඒ අනුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නිමල් රණවීර මහතා තීන්දුව ප්‍රකාශ කළේය.

" 2013 අගෝස්තු මස 01 වැනිදා සිදුවූ මෙම විරෝධතාවයට විරෝධතාකරුවන් 3000ක පමණ සහභාගිවෙලා, එය විසුරුවා හරින්න හමුදා සාමාජිකයන් 289ක් සම්බන්ධ වී ඇති බවට සාක්ෂි මගින් අනාවරණ වුණා. නඩු විභාගයේදී සාක්ෂිකරුවන් 65 දෙනෙකු සාක්ෂි ලබාදී ඇති අතර සිද්ධිමය කරුණුවල ඇති සංකීර්ණභාවය නිසාම අප විත්තිවාචික කැඳවීමටද පියවර ගත්තා."

මෙහිදී විනිසුරුවරයා සාක්ෂි විෂ්ලේණය කරමින් කියා සිටියේ අදාළ විරෝධතාව විසුරුවා හැරීමට යුද්ධ හමුදාව කැඳවීම නිත්‍යානුකූල දැයි විනිසුරු මඩුල්ල පළමුව අවධානය යොමු කළ බවයි.

" මෙම සිදුවීම වන අවස්ථාවේදී ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, ගම්පහ පරිපාලන කලාපය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර මහජන ආරක්ෂාව සඳහා කර්මාන්ත ශාලා භූමියේ හමුදාව යොදවා තිබෙනවා. ඒ, නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කළ ඉල්ලීමකට අනුව. ඒ අනුව යුද්ධ හමුදාවේ බටහිර සේනා ආඥාපති මේජර් ජනරාල් සුමිත් මානවඩුව විසින් තමයි නඩුවේ පළමු විත්තිකරුවන එවක බ්‍රිගේඩියර්වරයෙකු වූ අරුණ දේශප්‍රිය ගුණතිලක එම ස්ථානයට යවලා තියෙන්නේ. එබැවින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන චෝදනාව වන යුද්ධ හමුදා සාමාජිකයන් බලෙන් මෙම ස්ථානයට සම්බන්ධ වුණා කියන චෝදනාව පැමිණිල්ල විසින්ම ඉදිරිපත් කළ සාක්ෂි තුළින් ඛණ්ඩනය වෙනවා. "

මෙම විරෝධතාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියාට ලබාදී ඇති භාෂණයේ නිදහස ඉක්මවා යාමක් බව විනිසුරුවරයා සාක්ෂි විශ්ලේෂණය කරමින් පෙන්වා දුන්නා.

" පැමිණිල්ල විසින්ම සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් කළ වැලිවේරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා සාක්ෂියේදි කියා සිටියා මුල් අවස්ථාවේ පළමු විත්තිකරු කඳුළු ගෑස්, ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර සිදුකර නීත්‍යානුකූලව විරෝධතාව විසිරුවා හැරීමට උත්සාහ කර තිබෙන බව. නමුත් පළමු විත්තිකරු විරෝධතාවයෙන් පසකට ගමන කරද්දි එක්වරම ගල්මුල් ප්‍රහාරයක් එල්ලවෙලා තියෙනවා. ඉන් පසුවයි වෙඩි තැබීමක් සිදුවී තිබෙන්නේ. විද්‍යාත්මක සාක්ෂි මගින්ද මෙම විරෝධතාවයේ ප්‍රචණ්ඩත්වය ඔප්පු වෙනවා. ඉන්ධන පිරහුම්හලක් ආසන්නයේ සහ බැංකු ආසන්නයෙන් පිළිස්සුන ටයර් හමුවී තිබෙනවා. වැලි හා ඉන්ධන පිරවූ බෝතල් උද්ඝෝෂකයින් භාවිතා කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වුණා. නමුත් පැමිණිල්ල ඒවා නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර නැහැ. උද්ඝෝෂකයින්ගේ ක්‍රියාකලාපය ප්‍රචණ්ඩත්වයට පත්වුණාට පසුවයි වෙඩිතැබීම සිදුවෙලා තියෙන්නේ. ජනතාව එල්ල කර ඇති ප්‍රහාරය මාරාන්තිකයි. දැඩි බලයක් යොදා මර්දනය නොකළානම් හානිය විශාල වෙන්න තිබුණා. "

මියගිය තිදෙනාට, වෙඩි තබන ලද උණ්ඩ අධිකරණය ඉදිරියේ සිටින විත්තිකරුවන් භාවිතා කළ ගිනි අවි තුළින් නිකුත් වූ බව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වෙලා තියෙනවා. "

" විරෝධතාවය විසිරුවා හැරීමට කැඳවා තිබු හමුදා සාමාජිකයන් ගණන 289ක් වුනත්, අධිකරණයට ඉදිරිපත් කළ T56 ගිනි අවි 98න් මෙම නඩුවේ විත්තිකරුවන් 03 දෙනා භාවිතා කළ ගිනිඅවි තුනෙන් පතුරම් 12ක් නිකුත්වෙලා තියෙනවා. නමුත් එම විත්තිකරුවන්ගේ ගිනිඅවි තුළින් නිකුත් වූ උණ්ඩවලින් මරණ සිදුවූ බවට රස පරීක්ෂක වාර්තා ඉදිරිපත් වී නැහැ. තවත් T56 ගිනි අවි 07කින් උණ්ඩ 21 මුදාහැරලා තියෙනවා. නමුත් එම නිලධාරින් සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නැහැ. එබැවින් එම ස්ථානයේ සිටී අනෙකුත් නිලධාරින්ට එරෙහිව විමර්ශන නොකර පැමිණිල්ල මෙම විත්තිකරුවන් තිදෙනා සම්බන්ධයෙන් පමණක් නඩුව පවත්වාගෙන යාම තුළ සැකයේ වාසිය විත්තියට යොමුවෙනවා. ඒ වගේම සාක්ෂි මගින් අනාවරණය වනවා විරෝධතාවය වූ ස්ථානයේ හමුදා ඇඳුමින් සැරසුන නිලධාරින්ට අමතරව කළු පැහැති ටී ෂර්ටයන්ගෙන් සැරසුන ගිනි අවි අතදැරූ පුද්ගලයින් සිටි බව. එබැවින් මෙම අපරාධයට අදාළව ඒ කුමන හෝ ගිනිඅවියකින් උණ්ඩ නිකුත්වීමක් සිදුව තිබෙන්න පුළුවන්."

සාක්ෂි විෂ්ලේණයෙන් පසු විනිසුරුවරයා අවසන් තීන්දුවට අදාළව නිගමන ප්‍රකාශයට පත්කළේය.

" මේ පළවෙනි විත්තිකරු වෙඩි තැබීමට අණදුන් බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්වෙලා නැහැ. පැමිණිල්ලේ බොහෝ සාක්ෂි පරස්පරයි. සැකකටයුතු තත්ත්වයන් ගණනාවක් තිබෙන බැවින් චූදිතයන්ට එරෙහිව කිසිදු නෛතික පදනමක් යටතේ වරද පවරන්න බැහැ. මරණ තුනක් සිදුවීම අධිකරණය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. නමුත් එවැනි අවාසනාත්මක සිදුවීමක් යටතේ වුවද, අධිකරණයට ක්‍රියා කළ හැක්කේ ඉදිරිපත් වූ සාක්ෂි මතයි. "

ඒ අනුව විත්තිකරුවන් නිදෝස්කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

ජාවාරම්කරුවන්ගේ 'ඩැඩා' මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි - මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු ජෝගි මෙන්න

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

සරණට සරණක් වෙන්න ගිහින් වැඩ වරද්දා ගත් බිරිඳ - තිදෙනාම යළි රිමාන්ඩ් | Ada Derana

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

නිදහස් චතුරස්‍රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

කොළඹ පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි..

 “IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

“IMF එකටත් චණ්ඩි පාට් දානවා...ආර්ථිකය මොනවා වෙයිද දන්නේ නෑ”“ඇත්ත කිව්වා නම් ප්‍රශ්නේ ඉවරයි”

 ‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

‘අනාගතයේ දරුවෝ’ සිඟිත්තන් වෙනුවෙන් මැදකුඹුර වතුයායේ පැවති වෛද්‍ය සායනය

 ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

ඥානසාර හිමිට ජනපති සමාව ලැබෙයි ද?“වැරදි කරපු අයට එහෙම සමාව දෙන්න බෑ...”

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

'පොඩි පැටී' ඝාතනයට වැරදුණු පළිගැනීම - අපරාධයට පෙර පොලිසිය ඉස්සර වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

"සිංගප්පූරුවෙන් එද්දි අල්ලන්න එපා" - ශිරන්තිගෙන් උසාවියට ඇප අයදුමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

බොරැල්ල ළමා රෝහලේ ඖෂධ, උපකරණ හිඟයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

දවසේ කාටූන් විස්තරය | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

ආණ්ඩුවේ NGO කෙටුම්පතට UN විරෝධයක්

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම්