රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්
May 15, 2024 08:59 pm
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද අධිකරණය නියෝග කර තිබේ.
නිවාස ලබාදෙන බවට පවසා මුදල් වංචා කර බවට පැවසෙන සිද්ධියකට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඒ මහතාව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටය.
එසේම හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද එහිදී අධිකරණය නියෝග කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ලබන සැප්තැම්බර් මාසයේ 25 වනදා කැඳවන ලෙසට අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.