රුසියා - යුක්‍රේන යුද්ධය මැද තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිය ගිහින්
May 11, 2024 08:12 pm
රුසියානු - යුක්‍රේන යුද්ධයේ කුලී හමුදාවන්ට එක්වී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ කොට්ඨාසය ඒ බව පවසයි.
මේ අතර රුසියාවට ගිය තවත් විශ්‍රාමික සෙබළුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බවට අද (11) වාර්තා විය.
ඥාතීන් පවසන්නේ, මාර්තු 29 වනදා සිට ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවය.
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වූ පදවිය ප්‍රදේශයේ පදිංචි අසංක චන්දන මහතාද පසුගිය පෙබරවාරි මස 12 වනදා රුසියාව වෙනුවෙන් යුද වැදීම සඳහා රුසියාවට ගොස් තිබුණි.
ඔහු සිය නිවැසියන්ට අවසන් දුරකථන ඇමතුම ලබාදී තිබුණේ පසුගිය මාර්තු මස 29 වනදාය.
එදින සිට මේ දක්වා ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.
මේ අතර මැදවච්චිය වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික කොමාන්ඩෝ නිලධාරියෙකු වන ප්‍රදීප් චන්දන මහතාද පෙබරවාරි මස 12 වනදා රුසියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර ඔහුද සිය අවසන් ඇමතුම නිවසට ලබාදී ඇත්තේ මාර්තු මස 29 වැනිදාය.