header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
රුසියා - යුක්‍රේන යුද්ධයට එක්වූ ශ්‍රී ලාංකිකයින් ගේ තොරතුරු සොයා CIDය මෙහෙයුමක් අරඹයි
May 10, 202411:43 AM
රුසියා - යුක්‍රේන යුද්ධයට එක්වූ ශ්‍රී ලාංකිකයින් ගේ තොරතුරු සොයා CIDය මෙහෙයුමක් අරඹයි
Mobitel 1278

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ අනුව හිටපු ශ්‍රී ලංකා සෙබළුන් 114 දෙනෙක් පමණ යුක්‍රේන යුද්ධයට එක්වීම සඳහා මෙරටින් පිටත්වී ඇති බව තහවුරු වී තිබේ.

ඉන් 60 දෙනෙකු රුසියාවටත් අනෙක් 54 දෙනා යුක්‍රේනයටත් යෑමේ බලාපොරොත්තුවෙන් මෙරටින් ගොස් තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නරේන්ද්‍ර ජයකාන්ත මහතා ඒ බව පැවසීය.

නමුත් රුසියා - යුක්‍රේන යුද්ධයට එක්වී ඉන් පැන ආ හිටපු හමුදා සාමාජිකයින් පවසන්නේ ශ්‍රී ලාංකිකයින් 1000ක් පමණ එහි සිටින බවයි.

ඒ සම්බන්ධයෙන් තවමත් තොරතුරු රැස්කරමින් සිටින බැවින් ඒ ගැන තහවුරු කළ නොහැකි බව සහකාර පොලිස් අධිකාරිවරයා පැවසීය.

"යුක්‍රේනයට යාම සඳහා පිරිසක් ඉන්දියාවට ගිහින් තියෙනවා. ඉන් 23 දෙනෙක් එතැනින් පෝලන්තයට ගොස් ඒ හරහා යුක්‍රේනයට ගොස් ඇති බවට තොරතුරු ලැබුණා. රුසියාවට ගිය අයගෙන් තුන් දෙනෙක් බේරිලා ඇවිත් තියෙනවා...."

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නරේන්ද්‍ර ජයකාන්ත මහතා පවසන්නේ රුසියා - යුක්‍රේන යුද්ධයට ගොස් ඇති බවට වාර්තාවන තම සමීපතමයින්ගේ තොරතුරු ලබාදෙන ලෙසට යි.

එම තොරතුරු 0718-592831 දුරකථන අංකයට ලබාදෙන ලෙස ජයකාන්ත මහතා එම සෙබළුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර, රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස ගොස් ඉන් පැන ආ ලාංකිකයින් තිදෙනෙකු 'අද දෙරණ' සමග කරුණු රැසක් හෙළි කළේය.

එහිදී ඔවුන් පැවසුවේ යුද බිමේදී තුවාල සිදුවන සාමාජිකයින් ද යළි යුද බිමට යැවීමට තරම් ඔවුන් කුරිරු බවය.

"අපේ ආර්ථික ගැටලු නිසා තමයි අපි ඒ වගේ තැනකට ගියේ. අපි දන්නේ නැහැ කිසිම දෙයක්. කැලයක් මැදට ගිහින් දැම්මා. යුද්ධයකටත් වැඩිය ඒක සියදිවි නසා ගැනීමක්. නැවත පැමිණීමක් නැහැ. යුක්‍රේන සොල්දාදුවෝ හදපු බංකර්වල තමයි අපි දවල් දවසේ ඉන්නේ. රෑට අපි ගමන් කරනවා. ඩ්‍රෝන ප්‍රහාරයක් වැදිලා කිලෝමීටර් එකහමාරක් විතර මම බඩගෑවා. ලංකාවෙදි භාවිතා කරපු යුද උපක්‍රම ශිල්ප සියල්ලම මම භාවිත කළා. අවසානයේ නැවත මම මගේ මව් රටට ආවා."

මේ අතර මිනිස් ජාවාරම්කරුවන් රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස යවන ලද 06 දෙනෙකු මියගොස් ඇතැයි විමර්ශන මගින් අනාවරණ කරගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

2022 පෙබරවාරි 24 වනදා රුසියානු හමුදා යුක්‍රේන භූමිය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු - යුක්‍රේන යුද්ධය ආරම්භ වුණි.

යුද්ධය කෙටි කලක් තුළ අවසන් කරන බවට රුසියාව විශ්වාසය පළ කළත් එය බලාපෙරොත්තු නොවන ආකාරයෙන් දිග්ගැස්සුණේ, දිනෙන් දින දහස් ගණනකට මරු කැඳවමිනි.

දෙපාර්ශ්වයේ පිරිස් විශාල වශයෙන් මියයද්දී ඔවුන් යුද ජයග්‍රහණය වෙනුවෙන් විවිධ රටවලින් කුලී හේවායින් බඳවා ගත්තේය.

එම යුද්දයට ලාංකිකයින්ද මැදිහත්ව ඇති බවට පළමුවරට වාර්තා වන්නේ, යුක්‍රේනය වෙනුවෙන් සටන් කළ කපිතාන් රනීෂ් හේවගේ රුසියානු ප්‍රහාර හමුවේ මියයාමත් සමගය.

එම පුවතත් සමග යුද්දයට මැදිවූ ලාංකිකයින් පිළිබඳ කරුණු අනාවරණ වන්නට පටන් ගත්තේය.

මේ අතර, රුසියානු හමුදාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කළ බව කියන මේජර් ජෙනරාල්වරයෙකු සහ සැරයන්වරයෙකු කුරුණෑගල වැවරවුම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

විශ්‍රාමික මේජර් ජෙනරල්වරයෙක් වන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය දීර්ඝ ලෙස විමර්ශන සිදුකර තිබේ.

එලෙස සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්ගේ නාමලේඛනය යුද හමුදා මූලස්ථානයෙන් ලබාගෙන ඇත්තේ ඔහු විසින් බවයි.

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට අදාළව පොලීසිය විසින් දිගින් දිගටම විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

FCID ඇවිත් ගිය ගෝඨාභය... පැය 5ක් ප්‍රශ්න කරයි...

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

පොළොන්නරුවේ ගොවි රැලියට හතරවටින් විරෝධයක්.."ගොවියාගේ ගැටලු කිසිවකට සැබෑ පිළියම් නෑ...."

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"