header logo
SLIC
විශේෂාංග
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
May 02, 202403:37 PM
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
EDEX

AI නැත්නම් කෘත්‍රිම බුද්ධියේ හැකියාවන්වල සීමාව කොතැනද යන්න තවමත් පිළිතුරු නොමැති කරුණකි.

එසේම යුද ගැටුම්වලදී ප්‍රතිවාදීන්ට එරෙහිව කෘත්‍රිම බුද්ධියේ සහාය ලබාගැනීමද මේ වනවිට පැහැදිළිව පෙනීයන කරුණකි.

මේ ආකාරයෙන් මහා විනාශකාරී න්‍යෂ්ටික අවිවල පාලනයක් රොබෝවරුන්ට හිමිවුවහොත් කුමන තත්ත්වයක් ඇතිවේදැයි යන්න පිළිබඳව මේ වනවිට කතාබහක් නිර්මාණය වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව චීනයෙන් සහ රුසියාවෙන් ඊට අදාළව ඉල්ලීමක් කර ඇති බවටය.

ප්‍රකාශය නිකුත් කර තිබෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවිපාලන නිලධාරී පෝල් ඩීන් විසිනි.

ඔහු පවසන්නේ න්‍යෂ්ටික අවිආයුධවල පාලනය කෘත්‍රිම බුද්ධියට (AI) නොපවරා එය මිනිසුන් අතම තබාගැනීමට අමෙරිකාව දැඩි ලෙස කැපවී සිටින බවය.

ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයද එම කැපවීම ප්‍රකාශයට පත්කර ඇති බව ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් චීනයෙන් සහ රුසියාවෙන්ද ඊට සමාන කැපවීමක් තමන් අපේක්ෂා කරන බව රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියා සඳහන් කළේය.

විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩයේ ස්ථීර සාමාජිකයින් ලෙස චීනයෙන් සහ රුසියාවෙන්ද එවැනි වගකිවයුතු ක්‍රියාමාර්ගයක් අපේක්ෂා කරන බව ඔහු කියා සිටියි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථිර සාමාජිකයන් පස්දෙනා වන්නේ අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, චීනය සහ රුසියාවයි.

ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් 5 හැරුණුකොට ඉන්දියාව, පාකිස්ථානය, උතුරු කොරියාව සහ ඊශ්‍රායලයද න්‍යෂ්ටික අවි සංවර්ධනය කර තිබේ.

එහෙත් ලෝකයේ මෙතෙක් නිපදවා ඇති බවට සැලකෙන 12,000 ඉක්මවූ න්‍යෂ්ටික අවිවලින් 11,600ක්ම අයත්වන්නේ ස්ථිර සාමාජික රටවල් 5ටය.

https://youtu.be/hjIkeQ78mCg
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට