උණුසුම ගැන අලුත්ම දැනුම්දීම
April 14, 2024 08:54 pm
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බස්නාහිර හා වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන සඳහා අදාළ නිවේදනය නිකුත් කර ඇත.
උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව එහි සඳහන්ව තිබේ.
ඒ අනුව ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.