වව්නියාවේ ගෙවත්තකින් හමු වූ අවි සහ පතොරම්
June 8, 2025 09:32 pm
වව්නියාව,රම්බකුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබී දිරාගිය T56 ගිනි අවි දෙකක් හා T56 පතොරම් 450 ක් හමුව තිබේ.
අද(08) දහවල් එම නිවැසියන් විසින් යම් කටයුත්තක් සඳහා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගෙවත්තේ වලක් හෑරීමකදී මෙම ආයු හමුවී ඇති අතර ඒ බව වවුනියාව පොලීසිය දැනුම් දී ඇත.
යුද සමයේ කිසියම් සංවිධානයක් හෝ ත්‍රස්ත කණ්ඩායමක් අදාළ ගිනි අවි හා පතොරම් මෙලෙස වල දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
සොයාගත් ගිනි අවි දෙක හා පතොරම් තොගය වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.