ගම්පහ වෙඩික්කරුවන් ආ හැටි CCTV කැමරාවේ
April 9, 2024 01:31 pm
ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයාට කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව පොලීසිය පවසයි.
ගම්පහ, උඩුගම්පොළ, කටුගස්තර ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරු 4ට පමණ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.
එහිදී අදාළ ස්ථානයේ හිමිකරු වන 34 හැවිරිදි ප්‍රසන්න ලක්මාල් නමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මියගිය පුද්ගලයා මේ වනවිට විදේශගතවී සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර චානක නමැත්තාගේ මස්සිනා බව පොලීසිය සඳහන් කළේය.
මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන ගණේමුල්ල සංජීව නමැත්තාගේ සමීපතමයන් වන දැනට විදේශගතව සැඟවී සිටින ලක්මාල් නමැත්තෙක් සහ දිනේෂ් වසන්ත නමැත්තෙක් විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇතැයි ද පොලීසිය සැක කරයි.
ඔවුන් දෙදෙනා විසින් සිය ප්‍රතිවාදියෙකු වන කෙහෙල්බද්දර චානක නමැත්තාගෙන් පළිගැනීම සඳහා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය වැඩිදුරටත් සැක කරයි.
කෙසේවෙතත් ඔහුට වෙඩිතැබීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැති අතර වෙඩික්කරුවන් පැමිණෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මාධ්‍ය වෙත ලැබී තිබුණි.