මොසැම්බික් හි බිහිසුණු අනතුරක් 
සයුරෙන් එතෙර

මොසැම්බික් හි බිහිසුණු අනතුරක් 

April 8, 2024   03:36 pm

මොසැම්බික් රාජ්‍යයේ මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මියගිය ගණන 94 දෙනෙක් දක්වා ඉහළගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

අනතුරට ලක්ව තිබුණේ නම්පූලා ප්‍රාන්තයේ පැතිර යන කොලරා වසංගතයෙන් දිවි ගලවාගැනීම සඳහා ඒ ආසන්නයේ පිහිටි මොසැම්බික් දූපත බලා ගමන්කළ පිරිසකි.

අනතුරට ලක්වන විට ඒ තුළ 130 දෙනෙක් සිට ඇති අතර ඉන් පස් දෙනෙක් දිවි ගලවාගැනීමට සමත්වී තිබුණි.

අතුරුදන් සෙසු පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.