සයුරෙන් එතෙර

තායිවානය ඉන්දියාවට ස්තූති කරයි

April 7, 2024   04:49 pm

තායිවානයට බලපෑ ප්‍රබල භූ කම්පනයේදී ඉන්දීය රජය සිය රටට ලබා දුන් සහයෝගය වෙනුවෙන් තායිවානය විසින් ඉන්දියාවට ස්තූති කර තිබේ.

තායිවානය පවසන්නේ අභියෝගාත්මක අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ කාරුණිකත්වයට සහ සහයෝගයට බෙහෙවින් කෘතඥ වන බවය.

ඉන්දියාව සම්බන්ධයෙන් තායිවානයේ නව ජනාධිපති ද සිය X ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කර තිබුණි

ඔහු පවසන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහයෝගය තායිවානයට ශක්තියක් බවය.