චීන ඉංජිනේරුවන් පාකිස්තානයේ වැඩ නවතයි
සයුරෙන් එතෙර

චීන ඉංජිනේරුවන් පාකිස්තානයේ වැඩ නවතයි

April 7, 2024   02:09 pm

පාකිස්තානයේ සිටින චීන ඉංජිනේරුවන් ඉලක්ක කර එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එරට ක්‍රියාත්මක චීන ව්‍යාපෘති කිහිපයක් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වගකිවයුතු චීන සමාගම් නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තානයේ පවතින ආරක්‍ෂාව පිළිබඳ කනස්සල්ල පළ කර ඇත.

ඔවුන් පවසා ඇත්තේ ව්‍යාපෘතියට අදාළව සේවයේ නිරත සේවකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අර්බුධයක් පවතින බවය.

ඉකුත් මාර්තු 26 වනදා පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක සේවය කරමින් සිටි චීන ඉංජිනේරුවන් පිරිසක් ගමන්කරමින් සිටි රථ පෙළකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් වුණි.

එම ප්‍රහාරයෙන් චීන ජාතිකයින් 05 දෙනෙකු සහ එක් පාකිස්තාන ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණි.