රටවල් 04ක් දකුණු චීන මුහුදේ වැඩ පෙන්වයි
සයුරෙන් එතෙර

රටවල් 04ක් දකුණු චීන මුහුදේ වැඩ පෙන්වයි

April 7, 2024   01:04 pm

අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය සහ පිලිපීනය මතභේදාත්මක දකුණු චීන මුහුදේ ඒකාබද්ධ නාවික සහ ගුවන් අභ්‍යාසයක් පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ කලාපය තුළ වර්ධනය වන චීනයේ මතභේදාත්මක ක්‍රියාකලාපයට එරෙහිව සිය සබඳතා තර කරගනිමින් එම රටවල් මෙම නාවික හා ගුවන් අභ්‍යාසය ආරම්භ කර ඇති බවය.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා පිලිපීන මෙන්ම ජපාන නායකයින්ගේ හමුවක් ඉදිරි දිනවල පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

ඒ අතරතුර මෙම හමුදා අභ්‍යාසය ද ආරම්භ කර තිබීම විශේෂත්වයකි.

මෙම අභ්‍යාසය සිදු කරන්නේ චීනය විසින් අයිතිය කියා පාන මුහුදු කලාපයේ වීම ජාත්‍යන්තර තුළ දැඩි අවධානයට යොමුවී තිබේ.