බටහිර නීති අදාළ නැති බව රුසියාව කියයි
සයුරෙන් එතෙර

බටහිර නීති අදාළ නැති බව රුසියාව කියයි

April 4, 2024   11:59 am

ඉන්දියාවට රුසියානු තෙල් බෙදාහැරීම ක්‍රමයෙන් ඉහළ මට්ටමක පවතින බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

රුසියාව විසින් අපනයනය කරන තෙල් සඳහා ගෙවීම් ක්‍රම තීරණය කිරීමේදී ඉන්දියාව සමග කිසිදු ගැටළුවක් මතු නොවන බවද එම අමාත්‍යංශය පවසා ඇතැයි රුසියානු රජයේ පුවත් ඒජන්සියක් වාර්තා කරයි.

ඒ අනුව රුසියානු විදේශ අමාත්‍යාංශයේ නිල ප්‍රකාශිකාව පවසා ඇත්තේ ඉදිරියේදීත් ඉන්දියාවට රුසියානු තෙල් සැපයුම ක්‍රමයන් ඉහළ මට්ටමක පවත්වා ගන්නා බවය.

ගෙවීම්වල ප්‍රමුඛතාවය ජාතික මුදල් සඳහා ලබාදී ඇති බව ද ඇය අවධාරණය කර ඇත.

ඉන්දියාව සමග බැංකු ගනුදෙනු කිරීමේදී බටහිර රටවල් විසින් පනවන ලද නීතිමත රඳා සිටීමට අවශ්‍ය නොවන බවද ඇය පවසා තිබේ. 

යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය හමුවේ ජාත්‍යන්තරය රුසියාවට පනවා ඇති සම්බාධක නොතකා රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් විසින් ද ඉකුත් දා තහවුරු කර තිබුණි.