ලෝක සෞඛ්‍ය ගැන ඉන්දියාව අවධානයෙන්
සයුරෙන් එතෙර

ලෝක සෞඛ්‍ය ගැන ඉන්දියාව අවධානයෙන්

April 3, 2024   04:53 pm

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත අරින්දම් බග්චි ජිනීවා නුවරදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් හමුවී තිබේ.

එහිදී ගෝලීය සෞඛ්‍ය වෙනුවෙන් ඉන්දියාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කර ඇත.

සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව සහ ඩිජිටල් සෞඛ්‍ය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වයේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.