චීන යුද ගුවන්යානා 30කින් තායිවානය කැලඹෙයි
සයුරෙන් එතෙර

චීන යුද ගුවන්යානා 30කින් තායිවානය කැලඹෙයි

April 3, 2024   03:08 pm

තායිවානය වටා ගුවන් සීමාව තුළ චීන හමුදාවට අයත් ගුවන්යානා 30ක් පමණ පියාසර කළ බව තායිවානය පවසයි.

ඒ අනුව මේ වසරේ නිරීක්ෂණය කළ ඉහළම දෛනික චීන ගුවන්යානා සංඛ්‍යාව ගතවූ පැය 24 තුළදී වාර්තාවී ඇති බවද තායිවානය පවසා ඇත.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ ඉන් ගුවන්යානා 20ක් දිවයිනේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට ඇතුළුවූ බවය.

චීනය විසින් තායිවානය සලකනු ලබන්නේ තම භූමියක් ලෙසය.

ඒ අනුව තායිවානය සිය පාලනයට නතු කරගැනීම සඳහා බලය යෙදවීම චීනය කිසිවිටෙක අත්නොහරින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.