චීනයේ සිහින මෝටර් රථයට විශාල ඉල්ලුමක්
සයුරෙන් එතෙර

චීනයේ සිහින මෝටර් රථයට විශාල ඉල්ලුමක්

April 3, 2024   10:44 am

චීනයේ Xiaomi සමාගම ලෝකයේ ප්‍රකටව සිටින්නේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් ලෙසට ය.

නමුත් ඔවුන් ලෝකයටම වසන් කරමින් අලුත් වැඩකට අතගසා සිටියේය.

ඒ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය ටය.

ඔවුන් සිය නව මාදිලියේ විද්‍යුත් මෝටර් රථය පසුගියදා එළිදැක්වූ අතර ඒ සඳහා ඇණවුම් බාරගැනීමද ඒ සමගම ඇරඹිණි.

එම සමාගම නිෂ්පාදනය කළ පළමු මාදිලිය වූයේ SU7 නම් මාදිලිය යි.

ඒ සඳහා මේ වනවිට 100,000කට වඩා ඇණවුම් ලැබී ඇති අතර Xiaomi සමාගම අද නිවේදනය කළේ ඇණවුම් සඳහා නව මෝටර් රථ නිකුත් කිරීම ආරම්භ කළ බවයි.

විද්‍යුත් මෝටර් රථ සඳහා ලොව ප්‍රමුඛතම වෙළෙඳපොළ ලෙස චීනය සැලකෙන අතර එහි ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සමාගම යි.   

Xiaomi සමාගමේ ප්‍රධාන විධායක ලෙයි ජුන් පැවසුවේ ටෙස්ලා සමාගම මෙන් ඉදිරියට ඒම තම සමාගමේ අරමුණ බවයි.