චීනයෙන් පිලිපීනයට යෝජනාවක්
සයුරෙන් එතෙර

චීනයෙන් පිලිපීනයට යෝජනාවක්

March 15, 2024   09:55 am

මුහුදු සීමා සම්බන්ධයෙන් චීනයෙන් යෝජනා කිහිපයක්ම ලැබී ඇතැයි පිලිපීනය පවසයි.

පිලිපීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම යෝජනා සිය රටේ ජාතික අවශ්‍යතාවලට පටහැනි බැවින් ඒවා සලකා බැලිය නොහැකි බවය.

චීනය ඉදිරිපත් කර ඇති යෝජනා අතර මතභේදාත්මක දූපත් සම්බන්ධයෙන් චීනයේ පරිපාලනය පිළිගැනීම හෝ පිළිගැනීම සලකනු ලබන ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වීම ඇති බවද පිලිපීනයේ විදේශ අමාත්‍යංශය පවසයි.

එබැවින් චීනයේ යෝජනා කිසිසේත් පිළිගැනීමට නොහැකි බව පිලිපීනය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත.