ටික්ටොක් ගැන අමෙරිකාවෙන් තීරණයක්
March 14, 2024 09:27 am
"ටික්ටොක්" සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පත අමෙරිකා එක්සත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් සම්මත වී ඇති අතර එය නීතියක් බවට පත්වීම සඳහා සෙනට් සභාවේ අනුමැතිය හිමිවිය යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ පනතට අනුව "ටික්ටොක්" මව් සමාගමේ අමෙරිකානු ශාඛාව ඉවත් කර ගැනීම සඳහා මාස 6ක කාලයක් ලබාදීමට නියමිතව තිබේ.
එසේ ඉවත් කරගත නොගතහොත් අමෙරිකාව තුළ "ටික්ටොක්" යෙදුම අවහිර වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ටික්ටොක් තහනමක් අමෙරිකාව තුළ ක්‍රියාත්මක වුවහොත් සිදුවන්නේ ඇපල්, ගූගල් වැනි අමෙරිකානු තාක්ෂණ සමාගම් තමන්ගේ "ඇප් ස්ටෝර්"වලින් ටික්ටොක් යෙදුම නීත්‍යානුකූලව භාගත කිරීමට අවසර නොදීමය.
ටික්ටොක් ප්‍රධාන විධායක නිලධාරියා සඳහන් කරන අයුරින් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් වුවහොත් 300,000ක් පමණ අමෙරිකානුවන්ගේ රැකියා තර්ජනයට ලක්වෙයි.
එමෙන්ම සටනක් නොදී තමන් ඉවත් නොවන බව ටික්ටොක් අයත් චීන බයිට් ඩාන්ස් සමාගම පවසයි.
චීනය වැඩිදුරටත් පවසන්නේ අමෙරිකාවේ ක්‍රියාකලාපය හෙළාදකින බවය.
එම තහනම අමෙරිකාව පසුබෑමකට ලක්වන තීරණයක් බවත් එය හිරිහැර කිරීමේ ක්‍රියාවක් ලෙස හඳුන්වනු ලබන බවත් චීනය පවසා තිබේ.
ටික්ටොක් හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් අමෙරිකාව සාක්ෂි සොයා ගෙන නොමැති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පවසයි.
ටික්ටොක් තහනම් කළ ද එය කිසිදා අවසන් නොවනු ඇති බවද චීනය පෙන්වා දෙයි.