දිස්ත්‍රික් 306 D8 සිංහාධිපති ධුරය ජගත් වීරසිංහට
July 1, 2025 02:50 pm
ජාත්‍යන්තර සිංහ සංවිධාන විසින් දිස්ත්‍රික් 306 D8 සිංහාධිපති ධුරයට බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ජගත් වීරසිංහ මහතා පත්ව තිබේ.
සිංහාධිපති ජගත් වීරසිංහ මහතා මේ වන විට දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සිංහ සමාජ 67ක කටයුතුවලට නායකත්වය සපයයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වසර 37 අධික සේවා පළපුරුද්දක් සහිත නිලධාරියකු වන ඔහු දිස්ත්‍රික් සිංහාධිපති ධුරයට පත්වන සක්‍රිව සේවයේ නිල ඇදුමක් දරණ ප්‍රථම රාජ්‍ය නිලධාරීයාද වේ.
ජගත් වීරසිංහ මහතා පාසල් ප්‍රජාව ඇතුළු තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් මුදවා ගැනිම සදහා ක්‍රියාත්මක, ජනාදරයට පත් 'නොයා යුතු තැන' වැඩසටහනේ නිර්මෘතවරයා ද වේ.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ මහතා කැලණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල උපාධිධාරියෙක් වන අතර විදේශ රටවල් ගණනාවක සම්මන්ත්‍රණ හා පුහුණූ වැඩසටහන්වලට සහභාගී වු නිලධාරියකු ද වේ.