රාජ්‍ය සංගීත සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

රාජ්‍ය සංගීත සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

March 7, 2024   06:37 pm

වසර 06කට පසුව රාජ්‍ය සංගීත සම්මාන උළෙල ඊයේ (06) නෙළුම් පොකුණ එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.

''සුභාවිත සංගීත කලාවක හෙට දවස” වෙනුවෙන් විශිෂ්ටතම නිර්මාණ සහ ශිල්පීන් ඇගයීම හා දිරිගැන්වීම ප්‍රධාන අරමුණ කරගනිමින් මෙම සම්මාන උළෙල පවත්වයි.

මෙහිදී ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන සංගීතාභිමානීය යාවජීව සම්මාන ප්‍රවීණ සංගීතවේදීන් වන දේවානන්ද වෛද්‍යසේකර සහ ඇන්තනී සුරේන්ද්‍ර යන මහත්වරු දෙපළට හිමිවීම විශේෂත්වයකි.

ළමා, කාන්තා සහ පිරිමි යන කාණ්ඩ යටතේ විවිධ අංශයන් ගණනාවක් යටතේ විශිෂ්ටතම සම්මාන,කුසලතා සම්මාන, ජූරියේ විශේෂ ඇගයීම් ආදී ලෙස සම්මාන සහ සහතික පත්‍ර මෙහිදී පිරිනැමිණි.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.