ආචාර්ය සුනිල් ගුණරත්න අභාවප්‍රාප්ත වෙයි

ආචාර්ය සුනිල් ගුණරත්න අභාවප්‍රාප්ත වෙයි

February 28, 2024   01:42 pm

මාස්කෝ ජනමාධ්‍ය සම්මාන උළෙලේ නිර්මාතෘ සහ මාස්කෝ සංවිධානයේ සභාපති ආචාර්ය සුනිල් ගුණරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.‍

ඒ මහතාගේ දේහය අංක 46, ඊබට් ලේන්, කල්දේමුල්ල මොරටුව යන ස්ථානයේ තැන්පත් කර ඇති අතර අවසාන කටයුතු අද (28) ප.ව. 4.30ට රාවතාවත්ත සුසාන භූමියේ දී සිදුකෙරේ. 

ආචාර්ය සුනිල් ගුණරත්න මහතා පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ කැපවීමෙන් මාධ්‍ය කේෂේත්‍රයට පිවිසි අංකුර මාධ්‍යවේදීන් රැසකට දිරිදෙමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කේෂේත්‍රය ගුණාත්මකව පෝෂණය කිරීමට දායක වූ ප්‍රවීණයෙකි.