උතුරට ගිය සෝල්හයිම් කඩොලාන බලන්න යයි

උතුරට ගිය සෝල්හයිම් කඩොලාන බලන්න යයි

May 2, 2024   11:09 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන පරිසර පද්ධතිය නිරීක්ෂණයට ලක්කර තිබේ.

කඩොලාන ශාකවල ස්වභාවික ප්‍රතිලාභ සහ මණ්ඩතිව් හි කඩොලාන පරිසර පද්ධතිය පිළිබඳව එහිදි අවධානය යොමු කෙරිණි.

ගංවතුර ආපදා වළක්වා ගැනීමට සහ ජලජ ජීවීන්ගේ බහුලත්වය වැඩි කිරීමට මණ්ඩතිව් කලාපයේ වැඩෙන කඩොලාන ශාකවල දායකත්වය හා එම දායකත්වය ඉහළ නැංවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද එහිදි සොයා බැලීමට සෝල්හයිම් මහතා කටයුතු කළේය.

නිරීක්ෂණ චාරිකාවට උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය හා පරිසර සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.