මුහුදට වැටී ධීවරයෙක් අතුරුදන්

මුහුදට වැටී ධීවරයෙක් අතුරුදන්

February 26, 2024   03:25 pm

බහුදින ධීවර යාත්‍රාවකින්  මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව බේරුවල පොලීසිය පවසයි.

බලපිටිය, අම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි රසික ඩිලාන් නමැති ධීවරයෙකු මෙසේ මුහුදට වැටී අතුරුදන්ව ඇති බව පොලීසිය කීය.
.
එම සිද්ධිය සම්බන්ධයෙන් ධීවර යාත්‍රාවේ ක්‍රියාකරු එහි හිමිකරුට දැනුම්දී ඇති බවත් අනතුරුව ඥාතීන්ට දැනුම් දීමෙන් පසුව බේරුවල පොලීසියට පැමිණිලි කර ඇති බවත් සඳහන් වෙයි.

"හරිනි දුව 2" නමැති බහුදින යාත්‍රාවෙන් ඊයේ (25) රාත්‍රී 7ට පමණ බේරුවල ධීවර වරායෙන් ධීවරයින් හය දෙනකු මුහුදු ගොස් ඇති අතර, එහි ගමන් කළ රසික ඩිලාන් නමැති  (33) හැවිරිදි පුද්ගලයා රාත්‍රි 9 ට පමණ  මුහුදට වැටී ඇති බව, යාත්‍රා ක්‍රියාකරු,  දැනුම්දුන් බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලීසිය කීය.