ඉඩම් ඔප්පු ලබාදීම ගැන පැහැදිලි කිරීමක්

ඉඩම් ඔප්පු ලබාදීම ගැන පැහැදිලි කිරීමක්

February 23, 2024   09:58 am

පවුල් ලක්ෂ 20ක් සඳහා ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන කාණ්ඩ කිහිපයක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නිශ්චිත ක්‍රමවේදයකට යටත්ව වගකිව හැකි ලියවිල්ලක් සහිතව අදාළ ඉඩම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

"මෙය කාණ්ඩායම් කිහිපයකට බෙදනවා. ඔබ ඔබේ ඉඩමේ උරුමකරුවෙකු ලෙස අපි පිළිගන්නවා. ඒ සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමේ වැඩපිළිවෙල තමයි මේ දියත් කරන්නේ. ඔවුන්ගේ අයිතිය හැකි ඉක්මණින් සනාථ කිරීම තමයි රජයේ අවශ්‍යතාව තියෙන්නේ."

01 වන කණ්ඩායම - දීමනා පත්‍ර ලැබී ඇත. ඉඩම මැන තිබේ. ගැටලු කිසිවක් නොමැති කාණ්ඩය

02 වන කණ්ඩායම - අවසර පත්‍ර දී ඇත. ඉඩම මැන තිබේ. ගැටලු කිසිවක් නොමැති කාණ්ඩය

03 වන කණ්ඩායම - දීමනා පත්‍ර ලැබී ඇත. මැන නොමැත. 

04 වන කණ්ඩායම - අවසර පත්‍ර දී ඇත. මැන නොමැත.