ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී රිචඩ් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී රිචඩ් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

February 18, 2024   11:46 am

මෙරට මෙන්ම විදේශයන්ගේ ද නොමද ගෞරවයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී නයිනාබදුගේ රිචඩ් ප්‍රනාන්දු මහතා 2024 පෙබරවාරි 16 වැනි දා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක දී එතුමා අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට එතුමා 99 වැනි වියේ පසු විය.

රිචඩ් ප්‍රනාන්දු මහතා මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මඟපෙන්වීම යටතේ මෙරට පුරාවිද්‍යා කැනීම් හා සංරක්ෂණ කටයුතුවල පුරෝගාමී මෙහෙවරක් කළ පුද්ගලයෙකි

පසුකාලීන ව එතුමා මහා බ්‍රිතාන්‍යය තුළ දී  තම ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා තුළින් නොමද ගෞරවයට පාත්‍ර විය.

සමාජ සේවකයෙකු වශයෙන් ඔහු ජාති ආගම් භේදයකින් තොර ව තම ආදරණීය භාර්‍යාව වූ නැසී ගිය විශේෂඥ වෛද්‍ය මයිමූන් ලෙබ්බේ මහත්මිය සමඟ එක් ව කළ සමාජීය හා ආගමික මෙහෙවර අතිමහත් ය.

තම 99 වසරක දිවි සැරිය තුළ ඔහු පෙන්වූ පරාමාදර්ශීය දිවි පැවත්ම, වර්තමාන ජාතික සංහිඳියාව උදෙසා අතිශය ආදර්ශවත් එකකි. 

එතුමාගේ අවමංගල්‍ය කටයුතු හෙට (19)  පස්වරු 05ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත ව ඇත.