ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ශ්‍රී ලංකාවට තියුණු ජයක්

February 17, 2024   10:38 pm

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (17) පැවැත්වුණි.

එම තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඇෆ්ගනිස්තානයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 160ක් පමණි.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 161කි. 

නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ඇෆ්ගනිස්තානයට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 156ක් පමණි.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබූ වනිඳු හසරංග පන්දු 32ක් තුළ ලකුණු 67ක් ලබා ගත්තේය.

තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ය.