
ආසියාන් හෙවත් අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ මහලේකම් හෙට ඉන්දියාවට පැමිණීමට නියමිතය.
ඔහු ඉන්දියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සංචාරයේදී ආසියාන් සංවිධානයේ මහලේකම්වරයා දිල්ලි නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ඇතුළු රජයේ නියෝජිතයින් පිරිසක් හමුවීමට නියමිතය.
ලෝක කටයුතු පිළිබඳ ඉන්දීය කවුන්සිලය විසින් සංවිධානය කරන ලද විශේෂ දේශනයකට ද ඔහු සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



















































