මිරිහානේ නිවසකින් සැකකටයුතු ලෙස මියගිය යුවළකගේ සිරුරු හමුවෙයි
February 9, 2024 06:50 am
නිවසක් තුළ සැකසහිත ලෙස මියගිය යුවළකගේ සිරුරු හමුවූ බව පොලීසිය පවසයි.
ඒ ඊයේ (08) දිනයේ මිරිහාන ජුබිලි මාවත ප්‍රදේශයේ නිවසකිනි.
පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත දින කිහිපයකට පෙර මියගිය පිරිමි මළසිරුර හමුවී තිබේ.
නිවසේ මුළුතැන්ගෙයි බිම නිරුවත් කාන්තා මළසිරුරක් ද තිබූ බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
දින කිහිපයක් තිස්සේ එම නිවස පරිශ්‍රයෙන් දැඩි දුගදක් හමන බවට අසල්වැසියෙකු මිරිහාන පොලීසියට කළ දැනුම්දීමකට අනුව මෙම නිවස පරීක්ෂා කර තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 96 හැවිරිදි කාන්තාවකි.
ඔවුන් එම නිවසේ පදිංචිව සිටි අඹු සැමි යුවළක් බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.