සයුරෙන් එතෙර
ඉන්දියාව ෂැංහයි සහයෝගිතා සංවිධානය සමග සාකච්ඡාවක
February 6, 2025 08:43 pm
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ මහලේකම් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
Nurlan Yermekbayev එම තනතුරට පත් නව මහලේකම්වරයා වන අතර රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු දිල්ලියේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවී ඇත.
නව වගකීම බාරගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඔහුට සුබ පැතුම් එක් කර තිබේ.
එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා නව මහලේකම්වරයා සමග ඉන්දියාවේ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.