දූරියන් ගසක ඇද තිබූ විදුලි රැහැනක පැටලී තරුණයෙක් මරුට

දූරියන් ගසක ඇද තිබූ විදුලි රැහැනක පැටලී තරුණයෙක් මරුට

February 3, 2024   08:07 am

බටහිර පත්බේරිය - වටප්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මිය ගොස් සිටි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබී හමු ව ඇත.

ඇහැලියගොඩ පොලීසියට ලද දැනුම්දීමක් මත ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අනුව හෙළි වී ඇත්තේ, මිය ගිය පුද්ගලයා අවුරුදු 27ක වටප්පිටිය - පරකඩුව ප්‍රදේශයේ පදිංචි ව සිටි පුද්ගලයෙකු බවයි.

මිය ගිය පුද්ගලයා එක් පාදයක පිළිස්සුම් තුවාල සහිත ව එම ඉඩමේ දූරියන් ගසක් ආසන්නයේ වැටී සිට තිබේ.

ඉඩමේ හිමිකරු විසින් දූරියන් ආරක්ෂා කරගැනීමට ඉඩමට විදුලි රැහැන් ඇද තිබී ඇති අතර, මෙම පුද්ගලයා විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට පොලීසිය සිදු කළ විමර්ශන අනුව වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් ඉඩමේ හිමිකරු වූ 51 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.