මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදාගත් මෙරට ධීවර යාත්‍රාව සීෂෙල්ස් අගනුවරට රැගෙන එයි
January 31, 2024 07:07 pm
මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වී සීෂෙල්ස් නාවික හමුදාව බේරාගත් මෙරට ධීවරයින් 6දෙනා සහ යාත්‍රාව අද (31) එරට වික්ටෝරියා අගනුවර වරායට ආරක්ෂිතව ළඟාවී තිබේ.
ඒ, අත්අඩංගුවට ගත් මුහුදු කොල්ලකරුවන් තිදෙනා ද සමගිනි.
දික්ඕවිට ධීවර වරායෙන් ධීවරයින් 06 දෙනෙකු සමඟින් ගමන් ඇරඹු "ලොරේන්සෝ පුතා 04" බහුදින ධීවර යාත්‍රාව පසුගිය 27 වනදා අරාබි මුහුදේදී මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වී තිබුණි.
ඉන් දින දෙකකට පසුව එම යාත්‍රාව ධීවරයින් 6 දෙනාද සමඟ නිරුපද්‍රිතව මුදාගැනීමට සීෂෙල්ස් නාවික හමුදාව සමත්වූයේ මුහුදු කොල්ලකරුවන් තිදෙනෙකු ද සිය භාරයට ගනිමිනි.
එලෙස සීෂෙල්ස් නාවික හමුදාව භාරයට පත්වූ මෙරට ධීවරින් 06 දෙනා සහ මුහුදු කොල්ලකරුවන් තිදෙනා අද සීෂෙල්ස්හි වික්ටෝරියා අගනුවර වරාය වෙත ආරක්ෂිතව රැගෙන ගොස් තිබේ.
මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වී බේරාගැනුණු එම ධීවරයින් ඊයේ පළමු වතාවට යාත්‍රාවේ හිමිකරුට අමතා තිබුණි.