අනුන්ගේ මුදල් වැයකළ ජැකලින් ෆර්නෑන්ඩස් ට වැටුණු ලෙඩේ

අනුන්ගේ මුදල් වැයකළ ජැකලින් ෆර්නෑන්ඩස් ට වැටුණු ලෙඩේ

January 31, 2024   12:16 pm

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නෑන්ඩස්, සුකේෂ් චන්ද්‍රශේකර් සතු මුදල් අපරාධ මගින් උපයාගත් මුදල් බව දැන දැනම වැයකර ඇතැයි ඉන්දීය පොලීසිය, එරට අධිකරණය හමුවේ අනාවරණය කර තිබේ.

එම මුදල් හුවමාරු සම්බන්ධයෙන් ඇය සෑම විටම වසන් කර ඇති බවද ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන "බලාත්මක කිරීමේ අංශය" දිල්ලි අධිකරණයට දැනුම්වත් කර තිබුණි.

ජැකලීන්ගේ එවක පෙම්වතාව සිටි බවට පැවසෙන ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රශේකර් ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සිරගතව සිටින අතර ඇය එම නඩුවේ විත්තිකාරියක් ද වෙයි.

නඩුව ලබන අප්‍රේල් 15 දක්වා කල්දමා තිබේ.