රාජ්‍ය සේවක වැටුප ගැන අලුත්ම බලාපොරොත්තුව

රාජ්‍ය සේවක වැටුප ගැන අලුත්ම බලාපොරොත්තුව

January 25, 2024   07:08 am

රාජ්‍ය සේවකයින් සඳහා ලබා දී ඇති වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවන බැවින් ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එළැඹෙන සතිය තුළ තීරණය කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා එකතුව පවසයි.

එහි සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ, රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කරන බවය.

"ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට ජනවාරියේ ලබාදීලා තියෙන රු 5,000ක දීමනාවත්. ඉතිරි රු 5,000 දීමනාව අප්‍රේල්වල ලබාදෙන්න තිබීමත් අපි කියන්නේ ප්‍රමාණවත් නෑ. අවම රු 20,000 දීමනාවක් වෙනුවෙන් තමා වැඩකරන ජනතාව සටන් කළේ. රාජ්‍ය හා පළාත් වෘත්තීය සමිති එළැඹෙන 29 වනදා කොළඹ දී රැස්වෙනවා. මේ තියෙන ජීවන වියදම අනුව ජීවත් වීම සඳහා සාධාරණ වැටුප් වැඩිකිරීමක් හෝ දීමනාවක් ලබාගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා."

මේ අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය හෝටල් කර්මාන්ත පවත්වාගෙන යාමට අසීරු වී ඇති බව හෝටල් සේවක මධ්‍යස්ථානය පවසයි.

සිය කර්මාන්තරුවන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන තෙක් යොමුව නොමැති බව එහි ජාතික සංවිධායක ජයතිලක රණසිංහ මහතා පැවසුවේය.