ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවෙන් හමුවූ දේ

ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවෙන් හමුවූ දේ

January 22, 2024   06:49 pm

ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ සීදූව අමන්දොළුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව අද (21) විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.

අදාළ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ අයිතිකරු ද බන්ධනාගාර නිලධාරීන් විසින් එම ස්ථානයට කැඳවා සිටි බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

එහිදී සිදුකළ ස්ථානීය පරීක්ෂාවේ දී පරිගණක දත්ත ගබඩා 08ක්, ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත ගබඩාව සහ ශීතකරණයක් තුළ තිබූ ප්‍රතිදේහ අඩංගු කුප්පි 10ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් ව්‍යාජ ලිපි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

එහිදී ඔහු සඳහන් කළේ ඖෂධ ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ව්‍යාජ ලිපි රැසක් නිකුත් කර ඇති බවය.