සතොස බිත්තරයේ අලුත්ම මිල දැනුම්දෙයි
January 20, 2024 07:23 pm
සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල හෙට (21) සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.
වැට් වැඩිවීමත් සමග ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් රුපියල් 35කට අලෙවි කිරීමට නොහැකි බැවින් සතොස අලෙවිසැල් බිත්තර අලෙවි කිරීම සීමා කර ඇත.
ඒ අනුව මේ වනවිට සතොස අලෙවිසැල්වල මතුවී ඇත්තේ බිත්තර හිඟයකි.
එවන් වාතාවරණයක යළිත් වෙළෙඳපොළේ දේශීය බිත්තර මිල ඉහළ ගොස් ඇති අයුරු දක්නට ලැබේ.
ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු ද පැවසුවේ වැට් වැඩිකිරීම නිසා ඉන්දියාවෙන් රුපියල් 35කට ආනයන කළ බිත්තරයක රුපියල් 42කට අලෙවි කිරීමට සිදුවන බවය.
මෙරට වෙළෙඳපොළේ බිත්තරයක්ද රුපියල් 42ක් වැනි මිලකට පසුගිය දින කිහිපයේ අලෙවි වීම නිසා ඉන්දියාවෙන් ආනයනය කිරීම සීමා කිරීමට රජය පියවර ගෙන තිබුණි.
ඒ අනුව අද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සුදු හා රතු බිත්තරයක් අලෙවි වූයේ රුපියල් 52ක මිලකටය.
කෙසේවෙතත් සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, දේශීය බිත්තර හා කුකුළු මස් හිඟයකින් තොරව වෙළෙඳපොළේ පවතින බවය.