විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති අද සංකේත වැඩවර්ජනයක
January 18, 2024 07:25 am
එක් පාර්ශ්වයකට පමණක් වැටුප් වැඩි කිරීමට විරෝධය පළ කරමින් අද (18) දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර ගැටලු මතුවෙමින් පවතින බවය.
"විශ්වවිද්‍යාල කේෂ්ත්‍රයේ එක් පාර්ශ්වයකට පමණක් 25%කින් වැටුප් වැඩිකරනවා. අධ්‍යයන නොවන අය අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාල කේෂ්ත්‍රයේ වැටුප් වැඩිකරනවා නම් සියලු දෙනාට පොදුවේ වැටුප් හා දීමනා වැඩිකරන්න කියලා ඉල්ලා සිටිනවා. රජය විසින් තමා මේ අර්බුදය ඇති කරලා තියෙන්නේ. අද දින අපි සංකේත වැඩවර්ජනයක් කරනවා. ඒකටත් ඇහුම්කන් දුන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා සියලුම විශ්වවිද්‍යාල වහලා අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙන්න."
ඒ අනුව වෘත්තීය සමිති 23ක සහභාගීත්වයෙන් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය මහ සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී රිච්මන්ඩ් මහතා පැවසුවේය.
මේ අතර, වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව රුපියල් 35,000කින් වැඩි කිරීමට විරෝධය පළ කරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) දින ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 7.00න් අවසන් වීමට නියමිත ව තිබේ.
