කිසිදු බලපෑමක් නොමැති බව ටිරාන් අලස් කියයි

කිසිදු බලපෑමක් නොමැති බව ටිරාන් අලස් කියයි

January 17, 2024   08:36 pm

යුක්තිය මෙහෙයුම අතරමඟ නතර කිරීම සඳහා කිසිදු පාර්ශ්වයකින් තමන්ට බලපෑමක් එල්ල වී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

යුක්තිය මෙහෙයුම සඳහා තමන්ට මහ සංඝරත්නයේ ආශිර්වාදය ද හිමි ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (17) පෙරවරුවේ ඓතිහාසික දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරු ව මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහි දී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ අමාත්‍යවරයා වෙත අනුශාසනාවක් ද සිදු කළහ.