වෛද්‍යවරිය මුහුණදුන් සිද්ධිය ගැන සොයන්න විශේෂ කණ්ඩායමක් අනුරාධපුරයට

වෛද්‍යවරිය මුහුණදුන් සිද්ධිය ගැන සොයන්න විශේෂ කණ්ඩායමක් අනුරාධපුරයට

March 11, 2025   07:55 pm

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණපෑමට සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ සිදුවන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ම යෙදවූ බව සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තා කළ බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණූ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යවා ඇත.

සිද්ධිය පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවනු ඇතැයි අමාත්‍යංශය අපේක්ෂා කරන අතර, එතෙක් සන්සුන්ව කටයුතු කරන ලෙසත්, අදාළ පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.