බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගය යළි විවෘත කෙරේ

බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගය යළි විවෘත කෙරේ

January 16, 2024   12:08 pm

නායයාමක් හේතුවෙන් දින 7ක පමණ කාලයක් අවහිරව වී තිබූ බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය ගමනා ගමනය සඳහා විවෘත කර තිබේ.

අද (16) දහවල් එම මාර්ගය විවෘත කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසීය.

බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය හතේ කණුව ප්‍රදේශයෙන් ඉකුත් 9 වනදා සිදුවූ නායයාමක් නිසා දින 7 ක පමණ කාලයක් අවහිරව ගමනා ගමනය නතරවී තිබිණි.

මාර්ගය වැසෙන සේ කඩාවැටී තිබූ පස් ගල් හා ගස් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉවත් කර ගිලාබැසීම් හා කඩතොළු වූ ස්ථාන පිළිසකර කිරීමෙන් පසු  එම ස්ථානයෙන් ගමන් කිරීමට සුදුසු තත්ත්වයක තිබේදැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් විසින් පරීක්ෂා කළබවද අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.