නුවරඑළියට මල් තුහින තත්ත්වයක්

නුවරඑළියට මල් තුහින තත්ත්වයක්

January 15, 2024   03:36 pm

අද උදෑසන නුවරඑළිය නගර සීමාවේ ස්ථාන කිහිපයකට මල් තුහින තත්ත්වයක් ඇතිවී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ උදෑසන 5.30ට පමණ මල් තුහින තත්ත්වය ආරම්භ වී උදෑසන දක්වා එම තත්ත්වය පැවති බවය.

ඒ අනුව අද උදෑසන 8 පමණ වනතුරු නුවරඑළිය නගරසීමාවේ අවට පරිසරයේ සියලුම ස්ථාන පාහේ සුදු පැහැති මනස්කාන්ත වර්ණයකින් පැවතුණි.

මීට පෙර වසරවල මෙම මල් තුහින තත්ත්වය දෙසැම්බර් මස මුල සිට ආරම්භ වී ජනවාරි මස අග දක්වා පවතිණු දැකිය හැකිවිය.