සයුරෙන් එතෙර
රතු මුහුදේ උණුසුම මැද ජපානය සහ ඉන්දියාව කළ දේ
January 13, 2024 03:49 pm
රතු මුහුදේ සහ අරාබි මුහුදේ වර්ධනය වෙමින් ඇති නොසන්සුන්තා හේතුවෙන් ඉන්දියන් සාගරයේ නාවික කටයුතු සම්බන්ධයෙන් කලාපීය රටවල් රැසක් සිය අවධානය යොමු කර ඇත.
එවන් පසුබිමක ජපානයේ සහ ඉන්දියාවේ වෙරළ ආරක්ෂක බලකාය විසින් ඒකාබද්ධ අභ්‍යාසයක් සිදුකර තිබේ.
ඒ සඳහා ඉන්දියාවේ සහ ජපානයේ වෙරළ ආරක්ෂක බලකායට අයත් නෞකා ද එක්කර ඇති බව වාර්තා වෙයි.
එය පවත්වා ඇත්තේ 2006දී ඉන්දියාව සහ ජපානය අතර අත්සන් කරන ලද සහයෝගීතා ගිවිසුමකට අනුවය.
එහිදී ඉහළ මට්ටමේ සංචාර, වාර්ෂික ඒකාබද්ධ අභ්‍යාස, පුහුණු හුවමාරු සහ සහභාගීත්වය ඇතුළුව දෙරටේ වෙරළ ආරක්ෂක බලකා අතර අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීමට එකඟවී තිබේ.
අරාබි මුහුදේ දී කොල්ලකරුවන් විසින් නෞකා පැහැර ගැනීමේ අවදානම ද ඉහළ ගොස් ඇති අතර ඉන්දියාව ද ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු වෙයි.
මේ අතර යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කරමින් අමෙරිකාව නැවතත් ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
නාවික ගමනාගමනයට තර්ජනයක්ව පවතින හූති සටන්කාමීන්ගේ රේඩාර් පද්ධතියක් අමෙරිකාවේ ඉලක්කය වූ බව සඳහන් ය.